Friday, April 23, 2010

අපි, අපේ පරිසරය සහ අපේ ආකල්ප

ස්ථානය - රාවණා ඇල්ල අසළ




අවුරුදු නිවාඩු දවස්වල පවුලෙ අයත් එක්ක නුවර එළියෙ පැත්තෙ යන අතර අපිත් රාවණා ඇල්ල අසළ දහවල් කෑම ගත්ත. නිවාඩු දවස් නිසා හොදටම සෙනග. පරිසරයත් සමග මුසු වෙලා විනෝද වෙනවා. නමුත් හිතා හෝ නොහිතා හෝ පරිසරයටම හානි කරනවා.

කෑම ටික කාලා හරිම පහසුවෙන් කිසිම වග විභාගයකින් තොරව ඉතුරු කෑම, පාර්සල් හා අපද්‍රව්‍ය අසළ කාණුවට තමයි දාන්නෙ (බහුතරයක් දෙනා). ටිකක් එහාට මෙහාට උනොත් කසළ එකතු කරන තැනකට දාන්න පුළුවන්, නැත්නම් තමන් පැමිණි වාහනයේ අරගෙන යන්න පුළුවන්.

බහුතරයකගෙ මතය "අපි විතරක් ඔහොම කළා කියල ඇති ඵලය මොකක්ද" කියන එකයි. අපිට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් ආකල්පමය වෙනසකින් පමණයි. බොහෝ කුඩා දරුවන් තුළ පාසල් අධ්‍යාපනය තුළින් මේ සම්බන්ධව හොද නැඹුරුතාවයයක් පෙනෙනවා.

දෙයක් තේරුම් ගතහැකි අයට, සහ විශේෂයෙන් අපේ දරු පරම්පරාවට හැකි තරම් මේ පණිවිඩය දෙන්න උත්සාහ කරමු. අපි ආදර්ශමත් වෙලා සැබෑ උත්සාහයක් ගත්තොත් වෙනසක් කරන්න පුළුවන් කියල මම අත්දැකීමෙන් දන්නවා...

Monday, April 12, 2010

අලුත් අවුරුද්ද

සිංහල හින්දු අලුත් අවුරුද්ද වටිනාකම් වලින් පිරි උත්සවයක්. සමාජයීය සහ සංස්කෘතිමය වශයෙන් එහි ඇති වටිනාකම් ඉස්මතු වන අයුරින් සැමරුවොත් හැමෝටම සාමය සහ සතුට ළඟා වෙයි.

හැමෝටම සාමය සහ සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...

Thursday, April 1, 2010

පියා‍ණනේ මා නැවත උපන්නොත්...


සුවහසක් සිත් සතන් පහන් කර අප අතරින් සමුගත් අබේවර්ධන බාලසූරිය කලාකරුවාණනි, ඔබට නිවන් සුව !

ඡායාරූපය: http://chords.orgfree.com